රංගන දක්ෂතාවයට වගේම ඇගේ ඒ නිහතමානී හිනාවටයි, අපූරු රූපයටයි ආදරය කරන ලොකු රසික පිරිසක් ඇයට ඉන්නවා.
ඔන්න ඉතින් හැමදාමත් වගේ වෙනස්ම විදිහේ විලාසිතාවලින් රසිකයින්ව මවිත කරන සමනලී, පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට එක්කරපු අලුත්ම ෆොටෝ ටිකක් නිසා සෝෂල් මීඩියා ඇතුළේ ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ ෆොටෝස්වල සමනලී හැඩවෙලා හිටියේ ඇස් කඩාගෙන යන තරමේ ලස්සන, හරිම චාම් නිල් පාට සාරියකින්. වෙනදාටත් වඩා මේ නිල් පාට සාරියෙන් සමනලීගේ රූපය තවත් ලස්සන වෙලා පේනවා කියලයි රසිකයෝ නම් කියන්නේ.