ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ උපාලි ධර්මදාස මහතාගේ හදිසි අභාවයයි.
අපට වාර්තා වන අන්දමට, ඔහු නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස සිය ජීවන ගමනට සමුදී තිබෙනවා. මිය යන විට ඒ මහතා 72 වැනි වියේ පසුවුණා.
ඔහු නවලෝක සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළේ කොටස්කරුවෙකු මෙන්ම එහි දැවැන්ත ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස (කවුරුත් දන්න 'නවලෝක මුදලාලි') මහතාගේ බාලම පුත්‍රයා වන උපාලි ධර්මදාස මහතා, නවලෝක රෝහල් සමූහයේ වත්මන් සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ආදරණීය සහෝදරයාද වනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව එංගලන්තයේ (Wandsworth Technical College) ආයතනයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්තෙක්. ක්‍රිකට් ලෝකයට කළ මෙහෙවර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ ඔහු, දශක තුනකට වැඩි කාලයක් ආයතනික කළමනාකරණය සම්බන්ධයෙන් දැවැන්ත අත්දැකීම් සම්භාරයක් තිබූ අයෙක්.
1993 වසරේදී: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස ක්‍රිකට් පරිපාලනයට පිවිසියා.
1996 වසරේදී: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වෙමින්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළා.
හිටිහැටියේම අසන්නට ලැබුණු මේ පුවතින් ක්‍රීඩා ක්ෂේත්‍රයේත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේත් බොහෝ දෙනෙක් දැඩි කම්පනයට පත්වෙලා. මෙරට ක්‍රිකට් පරිපාලනයටත් ව්‍යාපාරික ලෝකයටත් අමතක නොවන සලකුණක් තැබූ උපාලි ධර්මදාස මහතාණෙනි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා..!