ඒ තරමටම ඊයේ රෑ හොරණ නගර සභා ක්‍රීඩාංගනය පිරිලා ඉතිරිලා ගියේ මින් පෙර නොදුටු වාර්තාගත මහා ජන ගඟකින්. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රසංග කලාවේ දැවැන්තම සන්නාමය වෙන "හිරු මෙගා බ්ලාස්ට්" (Hiru Mega Blast) මහා ප්‍රසංගය ඊයේ හොරණදී අති උත්කර්ෂවත් විදිහට පැවැත්වුණු නිසයි.
හිරු මාධ්‍ය ජාලයේ 28 වෙනි සාංවත්සරික සැමරුම වෙනුවෙන් තමයි මේ දැවැන්ත ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ. ක්‍රීඩාංගනයට යන්න බැරි වුණු අයටත් ගෙදර ඉඳන්ම මේ පිස්සු හැදෙන අත්දැකීම සජීවීව බලන්න හිරු ටීවී හරහා අවස්ථාව දීලා තිබුණා.
ඊයේ වේදිකාව නම් විශ්මිත ආලෝක රටාවන්ගෙන් හැඩවෙලා, බලන්න ලස්සන අති දැවැන්ත පෙනුමකින් යුක්ත වුණා. මේ දැවැන්ත වේදිකාව සංගීතයෙන් දෙවනත් කරන්න ඇවිත් හිටියේ කවුරුත් ආදරේ කරන ෆ්ලෑෂ් බැක් (Flashback) සංගීත කණ්ඩායමයි. ඒ වගේම ප්‍රේක්ෂකයින්ව නර්තනයෙන් මෝහනය කරන්න නිරෝෂා තලගල ප්‍රමුඛ "යූ ඩාන්සර්" (U Dancer) නර්තන කණ්ඩායමත් එකතු වෙලා හිටියා.
මේ සාංවත්සරික මහා වේදිකාව මුලින්ම වර්ණවත් කරන්න මයික් එක අතට ගත්තේ අපේ ජාත්‍යන්තර තරුව, යොහානි ද සිල්වා. යොහානිගේ සුපිරි ගායනයෙන් පස්සේ වේදිකාව තවත් රත් කරන්න ආදරණීය චාමර රණවක වේදිකාවට ගොඩ වුණා. මේ දෙන්නට අමතරව ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකාවන් විශාල පිරිසක් මේ දැවැන්ත ප්‍රසංගයට එකතු වෙලා ප්‍රේක්ෂකයින්ට උපරිම වින්දනයක් ලබා දුන්නා.
කොහොම වුණත් ඊයේ හොරණට ආපු අතිවිශාල ප්‍රේක්ෂක ජනතාවට නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති, පෙර නොවූ විරූ සුපිරිම ප්‍රසාංගික අත්දැකීමක් ගන්න ලැබුණා කියලයි හැමෝම කියන්නේ!