මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන විදිහට මේ වෙනකොට විතරක් දිවයින පුරා දන්සැල් 18,129 ක් ලියාපදිංචි වෙලා තියෙනවලු.. ඒ කියන්නේ මේ පාර පොසොන් එකට මුළු ලංකාවම එකම දන්සල් සාගරයක් වෙන්නයි යන්නේ.
මේ සාර්ථකත්වය අස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා දන්සල් සංවිධායකවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
"දන්සලක් දෙන එක ලොකු පින්කමක්. හැබැයි ඒ එන සෙනඟට පිරිසිදුවට, සෞඛ්‍ය ආරක්ෂිතව කෑම බීම ටික දෙන්න ඕනේ. ඒ නිසා හැමෝම තමන්ගේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවෙලා දන්සල් සඳහා වන විශේෂ මාර්ගෝපදේශ මාලාව ලබාගන්න."
කෑම හදන තැන ඉඳන්, වතුර පාවිච්චි කරන විදිහ සහ පිළිගන්වන ක්‍රම ගැන නීති රීති මාලාවක් මේ වෙනකොටත් සූදානම් කරලයි තියෙන්නේ.