එනම් 2026. 06. 28 වන දින මත්පැන්හල් වසනු ලබන වේලාවේ සිට 2026. 06. 30 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බවට ද මෙයින් නිවේදනය කරනු ලැබෙනවා.
තව ද රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව 2026. 06. 26 වන දින සිට 2026. 07. 02 වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුල මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් 04 තුල පිහිටි සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන හෙවත් මත්පැන්හල් එම දිනයන් හිදී වසා තැබීමට ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සියලුම මත්පැන් බලපත්‍රලත් ස්ථාන 2026. 06. 25 වන දින මත්පැන්හල් වසනු ලබන වේලාවේ සිට 2026. 07. 03 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවට ද මෙයින් නිවේදනය කරනු ලැබෙන්නේ.
ඒ අනුව එම දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරිය වෙත ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ.