හැබැයි ඔන්න ඊයේ පෙරේදා කොළඹ වරායට ආපු අපූරු අමුත්තෙක් නිසා මුළු වරායම එකම හිසකෙස් කන්දක් බවට පත්වුණා කියලා තමයි ආරංචි වෙන්නේ.
ඒ වෙන මුකුත් නෙවෙයි, මෝල්ටා (Malta) ධජය යටතේ ලෝකය වටේ යන, අති සුඛෝපභෝගී මහා පරිමාණයේ මඟී නෞකාවක් වන ‘Mein Schiff 6’ යාත්‍රාව කොළඹ වරායේ ECT ජැටියට සේන්දු වීමත් එක්කයි.
මේ දැවැන්ත නෞකාවෙන් සංචාරකයින් 2,380 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා. ඒ වගේම ඔවුන්ට සේවා සැපයීම සඳහා විදේශීය කාර්ය මණ්ඩලයේ 951 දෙනෙකුත් මේ නැවේ ඉන්නවා කියලා තමයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ.
දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මේ දැවැන්ත ‘මහ මුහුදේ මාලිගාව’ ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.
කොහොමහරි ලංකාවට ආපු මේ සල්ලිකාර සංචාරකයින් ටික පිළිගන්න අපේ රටේ සංචාරක සමාගම් සුපිරි වැඩක් ලෑස්ති කරලා තිබුණා. නැවෙන් බහිනකොටම ලංකාවේ උඩරට, පහතරට සාම්ප්‍රදායික සංස්කෘතික නර්තනාංග සහ බෙර වාදන සංදර්ශන පවත්වමින් ඔවුන්ව ඉතාමත් උණුසුම් අයුරින් පිළිගන්න කටයුතු කරලා තිබුණේ විදේශිකයින්ගේ සිත් ඇදගන්නා සුලු අයුරින්. ලංකාවේ ආගන්තුක සත්කාර දැකලා නැවේ ආපු සුද්දෝ සෙට් එක පිස්සු වැටිලා වගේ බලන් හිටියා කියලයි ආරංචිය.