ඒ, විභාග අයදුම්පත් කැඳවීමට (Applications) පෙර තමන්ගේ ජාතික හැඳුනුම්පත (NIC) සකස් කර ගන්නා ලෙසයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම අයදුම්කරුවන් මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවයි.
විභාගයට ඇප්ලිකේෂන් දාන්න කලින් හැඳුනුම්පත හදාගත්තොත් පස්සේ කාලෙකදී සිද්ධ වෙන අනවශ්‍ය කලබල වගේම ප්‍රශ්න ගොඩක් මඟහැර ගන්න පුළුවන්.
නැත්නම් විභාගය කිට්ටු වෙලා හැඳුනුම්පත් හදන්න ගියාම කාර්යාල ගානේ රස්තියාදු වෙන්න වෙන එක කාටත් පොදු දෙයක්නේ.
බොහෝ වෙලාවට විභාගය ළං වෙද්දී හැඳුනුම්පත නැතිවීම හෝ සකසා නොගැනීම නිසා විභාගයට මුහුණ දීමට නොහැකි වේවි කියලා ළමයි වගේම දෙමව්පියනුත් ලොකු ආතතියකට (Stress) පත්වෙනවා.
අන්න ඒ නිසයි විභාග දෙපාර්තමේන්තුව කලින්ම මේ වගේ වටිනා දැනුම්දීමක් කරලා තියෙන්නේ.
ඉතින් මේ පාර සා/පෙළ ලියන ඔයාගේ ගෙදර ඉන්න නංගි, මල්ලි, දුව හෝ පුතා වෙනුවෙන් අද හෙටම හැඳුනුම්පත සකස් කරගන්න කටයුතු කරන්න අමතක කරන්න එපා!