ඒ අසරණ අම්මලා තාත්තලා රැසක් සෙවණ ලැබූ ‘සෙනෙහසේ කැඳැල්ල’ නම් වැඩිහිටි නිවාසයේ හටගත් දරුණු ගින්නක් පිළිබඳවයි. මහ දවල් මුළු ගොඩනැගිල්ලම වෙලාගනිමින් හටගත් මේ ගින්න නිසා මේ වන විට මුළු ප්‍රදේශයම මහත් කැලඹීමකට පත්ව තිබෙනවා.
වැඩිහිටි නිවාසයෙන් එකවරම මහා දුම් ජාලාවක් සමඟ ගිනි දැල් මතු වෙද්දී ප්‍රදේශවාසීන් වහාම ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 3ක් එම ස්ථානයට පිටත් කර හැරීමට කටයුතු කළා. ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන ගින්න නිවීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට ලැබෙන අලුත්ම තොරතුරුවලට අනුව, ගින්නට මැදිවූ වැඩිහිටි නිවාසයේ සිටි අසරණ අම්මලා තාත්තලා 10 දෙනෙකු තුවාල ලබා වහාම රෝහල්ගත කර තිබෙනවා.
නමුත් වඩාත්ම කනගාටුදායක සහ බියකරු පුවත වන්නේ, ගින්නෙන් පසු මේ වන විට අතුරුදන්ව ඇති සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබීමයි! ඔවුන් ගින්නට මැදිවුණාද, නැතහොත් බියට පත්ව කොහේ හෝ පලාගියාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. ඔවුන්ව සෙවීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මේ බිහිසුණු සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ගින්නට මැදිව සිටි පිරිසෙන් 44 දෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව මුදා ගැනීමට පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි. (මුලින් 50කට වැඩි පිරිසක් මුදාගත් බව වාර්තා වුවද, නිල දත්ත අනුව එය 44ක් බව තහවුරු වී තිබේ.)
අසරණ මහලු ජීවිත රැසක් අනාථ කරමින්, සෙනෙහසේ කැඳැල්ල අළු දූවිලි බවට පත් කරපු මේ මහා ගින්න හටගත්තේ කොහොමද? මේක පිටුපස තියෙන්නේ විදුලි කාන්දුවක්ද, නැත්නම් වෙනත් කුමන්ත්‍රණයක්ද කියලා සොයන්න හොරණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.