159 Views
පිය පදවිය ලැබුණු සතුටත් එක්ක දුලාජ් දැන් ඉන්නේ හරිම ආදරණීය මනෝභාවයකින්.
හැමදාම වීඩියෝ එකකින් ඇවිත් හැමෝවම හිනස්සන දුලාජ්ගේ ජීවිතයට දැන් අලුත්ම ආලෝකයක් එකතු වෙලා තියෙනවා.
ඒ වෙන මුකුත් නෙවෙයි, දුලාජ් සහ ජයනිගේ ආදරණීය පවුලට අලුත්ම අලුත්, චූටිම චූටි සාමාජිකයෙක් එකතු වෙලා තියෙන වගයි ආරංචි වෙන්නේ.
පිය පදවිය ලැබුණු සතුටත් එක්ක දුලාජ් දැන් ඉන්නේ හරිම ආදරණීය පියෙක් විදියට.දුලාජ් තමන්ගේ පණ වගේ ආදරේ කරන බිරිඳ ජයනිවත්, මෙලොවට ආපු අලුත්ම චූටි පැටියවත් පපුවට තුරුල් කරගෙන ඉන්නේ හරිම ආදරෙන්.
නිතරම දකින දඟකාර වෙන දුලාජ් වෙනුවට දැන් දකින්න ලැබෙන්නේ බිරිඳට සහ දරුවාට රැකවරණයක් වුණු, පීතෘ සෙනෙහසින් පිරුණු ආදරණීය තාත්තා කෙනෙක් සහ සැමියෙක්.
ඇත්තටම ඒ ආදරණීය දර්ශනය දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිතට ලොකු සතුටක් වගේම නිවනක් දැනෙනවා ෂුවර්.

