ඔන්න ඉතින් මේ විරෝධතාකරුවන් සහ ඉන්දීය රජය අතර පැවැත්වුණු විශේෂ සාකච්ඡාවත් කිසිම නිසි එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සාකච්ඡා සඳහා එක්වූ කොක්‍රෝච් (කැරපොතු) ජනතා පක්ෂයේ ප්‍රකාශක සෞරව් දාස් (Saurav Das) පවසා සිටියේ, අදාළ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සම්පූර්ණ වගකීම භාරගෙන ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
කෙසේ වෙතත්, මෙම ඉල්ලා අස්වීමේ ඉල්ලීමට අදාළව පැහැදිලි පිළිතුරක් ලබා දීම සඳහා ඉන්දීය රජය හෙට (25) දක්වා කාලය ඉල්ලා සිටි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටියේ, මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධීන්ට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව ඉදිරියේදී තවදුරටත් ඉතාමත් දැඩිව නීතිමය පියවර ගන්නා බවයි.