ලස්සන ගුරු පැහැති ඇඳුමකින් සැරසිලා, හරියට පාසල් යන වයසේ පොඩි කෙල්ලෙක් වගේ අහිංසක පෙනුමකින් හැඩවෙලා හිටපු ඇය, අපූරු ගෙදරක් ඉස්සරහා ඉඳන් "Guess whose house it is" කියලා රසිකයන්ගෙන් අහලා තිබුණා.
බොහෝ දෙනෙක් මේක සඳනිගේ අලුත් ගෙදරද, එහෙමත් නැත්නම් වෙනත් ජනප්‍රිය කෙනෙකුගේ ගෙදරකද කියලා විවිධ අනුමාන කිරීම් කළා. හැබැයි මේ අභිරහස දැන් සම්පූර්ණයෙන්ම හෙළිවෙලා ඉවරයි!
ඇත්තටම මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වෙන සඳනි මේ ගොඩවෙලා තියෙන්නේ ජපානයේ පිහිටි ලෝක ප්‍රකට 'හැරී පොටර්' තේමා උද්‍යානයටයි. ඇය පිටුපසින් දකින්න ලැබෙන්නේ හැරී පොටර් කතාවේ එන දැවැන්තයා, ඒ වගේම කාගෙත් ආදරය දිනාගත් 'හැග්‍රිඩ්ගේ' නිවසයි.
සඳනිගේ මේ ඡායාරූපය තවත් හැඩ වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ ඇය පැළඳගෙන හිටපු සාටකයයි . එය හැරී පොටර් ලෝකයේ 'Gryffindor' නිවාසයට අයත් සාටකයක් වීමත් විශේෂත්වයක්.
ඉතින් හොග්වෝට්ස් ලෝකෙට ගිහින් හැග්‍රිඩ්ගේ ගෙදර ඉඳන් අමුතුම මැජික් එකක් කරපු සඳනිගේ මේ දඟකාර, හුරුබුහුටි පෙනුමට දැන් සමාජ මාධ්‍ය පුරාම ලයික් සහ කමෙන්ට් වැස්සක් ගලාගෙන එනවා.
මුළු ලෝකයක්ම ආදරය කරන මැජික් ලෝකෙට ගිය සඳනිගේ මේ අපූරු සේයාරුව ඇත්තටම කාගෙත් නෙත් සිත් පිනවන දසුනක්!


