ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය විසින් සිදුකර තිබෙනවා.
ඒ් ක්වන්ටාස් ගුවන් සමාගම විසින් ඔස්ට්‍රේලියාවේ සිට ලන්ඩන් සහ නිව්යෝර්ක් වැනි ප්‍රධාන නගර වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ අරමුණින්
ක්‍රියාත්මක වන ප්‍රොජෙක්ට් සන්රයිස් (Project Sunrise) ව්‍යාපෘතිය යටතේයි.
මෙම පරීක්ෂණ ගුවන් ගමන වෙනුවෙන් විශේෂයෙන් නවීකරණය කරන ලද Airbus A350-1000ULR වර්ගයේ ගුවන් යානයක් යොදාගැණුනා.
කිසිදු ඉන්ධන පිරවීමකින් තොරව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ප්‍රංශයේ ටූලුස් දක්වා කිලෝමීටර් 23,075ක දුරක් ගමන් කරමින් මෙම වාර්තාව පිහිටුවාතිබෙන අතර ඊට ගතවූ කාලය පැය 24යි විනාඩි 24ක් .
මෙම ගුවන් ගමන කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂී වන අතර දකුණු අමෙරිකා, උතුරු අමෙරිකා සහ යුරෝපා යන මහාද්වීප තුන හරහා පැසිෆික් සහ අත්ලාන්තික් සාගර දෙක මතින් ඒය සිදු කෙරුණා.
මෙම ගුවන් මගීන්ට හිරු බැසයාම් දෙකක් සහ හිරු උදාවීම් දෙකක් අත්විඳීමටද අවස්ථාව හිමිවීම තවත් විශේෂත්වයක්.
එමෙන්ම මෙම ගුවන් ගමන සිදුව ඇත්තේ කාල කලාපයන් 17ක් පසුකරමින් Flightradar24 දත්තවලට අනුව, ලොව පුරා ගුවන් සේවා ලෝලීන් මිලියන 3.6කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා මෙම ගුවන් ගමන සජීවීව නරඹා තිබෙනවා.
මෙම සාර්ථක පරීක්ෂණ ගුවන් ගමනින් පසු, අදාළ Airbus A350-1000ULR යානා ක්වන්ටාස් සමාගම වෙත2027 වසරේදී භාරදීමට අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව සහ බටහිර ලෝකය අතර සෘජු වාණිජ ගුවන් ගමන් සේවා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.