ඒ, සිය ආයතනයේ සේවය කළ අහිංසක සේවකයකුට අමානුෂික ලෙස බැන තර්ජනය කර, පහරදීමේ සිද්ධියකට අදාළවයි.
පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය ජාලාවල දරුණු ලෙස සංසරණය වූ වීඩියෝ පටයක දැක්වුණේ මෙම ව්‍යාපාරිකයා මහරගම පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය තුළදීම සේවකයෙකුට දරුණු ලෙස පහරදෙන දර්ශන පෙළක්. මේ සම්බන්ධයෙන් සමාජය පුරා දැඩි පිළිකුලක් සහ විරෝධයක් එල්ල වූ අතර, ඉන් අනතුරුව අදාළ වින්දිත සේවකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන පරිදි, පොලිසියෙන් බේරීමට නොහැකි තැන සැකකාර ව්‍යාපාරිකයා අද (30) දිනයේ නීතිඥවරුන් දෙදෙනෙකුද පිරිවරාගෙන මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා. එහිදී ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට අරගෙන...
පොලිසිය පවසන්නේ සැකකාර ව්‍යාපාරිකයා වන විරාජ් වික්‍රමනායක අද (30) දිනයේදීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.