ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සමගාමීව පාද යාත්‍රාවේ නිරත වන බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරුණු කුමන සහ යාල ජාතික වනෝද්‍යාන මාර්ග ඊයේ පස්වරුවේ සිට නැවත වසා දැමීමට කටයුතු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මදුසංක පවසා තිබෙනවා.
වාර්තාගත බැතිමතුන් පිරිසක් පසුගිය ජූලි 10 වැනිදා මෙම වනෝද්‍යාන මාර්ග පාද යාත්‍රා බැතිමතුන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා බැතිමතුන් 45,582 දෙනෙකු පා ගමනින් කතරගම පුදබිම වෙත පැමිණ තිබෙනවා.
එකී සංඛ්‍යාලේඛනවලට අනුව පාද යාත්‍රාව ඔස්සේ කතරගම පුදබිම වෙත බැතිමතුන් වැඩිම පිරිසක් පැමිණි වසර ලෙස මෙය වාර්තා වන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිෂාන්ත මහතා සඳහන් කර තිබුණා.
කෙසේ හෝ, පාද යාත්‍රා මාර්ගය ලෙස භාවිතා වූ කුමන සහ යාල වනෝද්‍යාන සීමා ඊයේ දින සිට නැවත වසා දැමීමට තීරණය කර තිබුණා. ජූලි 10 වැනිදා සිට ජූලි 24 දක්වා පමණක් මෙය විවෘතව තැබුණු අතර, පැමිණි සමස්ත බැතිමතුන් සංඛ්‍යාව 45,582ක් ලෙසයි වාර්තා වුණේ.
ඉතිහාසයේ පාද යාත්‍රාවෙන් වැඩිම බැතිමතුන් සංඛ්‍යාව පැමිණි වසර බවට පත්වී ඇති අතරම වනජීවී දෙපාර්තමේන්තුව සහ දේවාල පරිපාලනය විසින් බැතිමතුන්ගේ ආරක්ෂාව සහ වනාන්තර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වනෝද්‍යාන තුළ රැඳී සිටීම සහ තවදුරටත් ඇතුළු වීම මෙලෙස තහනම් කර තිබුණා.