සිය පෙනුම (Look) පොඩ්ඩක් වෙනස් කරගෙන ඉන්න මේ කඩවසම් තරුවට, ඉස්සරටත් වඩා සෑහෙන්න කාන්තා ආකර්ෂණය ලැබෙනවාද මන්දා කියලා තමයි රසික රසිකාවියෝ නම් කියන්නේ..
තමන්ගේ රංගන පරාසයෙන් පේක්ෂකයින්ගේ හදවත් දිනාගත්තු, උපතින්ම දමිළ ජාතිකයෙක් වුණු මේ හැඩකාර තරුණයා වෙන කවුරුත් නෙවෙයි... දර්ශන් තවරාජා.
ඔන්න ඉතින් දර්ශන්ගේ මුහුණුපොත හරහා අතිශය කඩවසම්, ඇස් අදහගන්නත් බැරි තරම් ලස්සන අලුත්ම ඡායාරූප එකතුවක් මුදාහැරලා තියෙනවා. සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්තු, කෙල්ලන්ගේ හදවත් නතර වෙන ඒ ලස්සන පින්තූර ටික ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
