ඒ අනුව ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් උසස් පෙළට අදාළව සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ සංවිධානය කිරීම් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගය ලබන (10) වන දින සිට සැප්තැම්බර් මස (05) දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මෙම කාල සීමාව තුළ පහත සඳහන් කිසිදු දෙයක් කිරීමට ඉඩ නොතබන බවයි..
විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම
විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම
"Target Question" නැතහොත් අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම
"විභාගයට එන ප්‍රශ්න දෙනවා" කියමින් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධ කිරීම හා එව්වා ළඟ තබා ගැනීම
යම් හෙයකින් මෙම නියෝග නොසලකා ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවටයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.
මෙම නියෝග යම් ආකාරයකින් කඩකරන අය ගැන තොරතුරක් ලැබුණොත්, විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ වහාම පහත අංකවලට දැනුම් දෙන ලෙසයි..
පොලිස් හදිසි ඇමතුම් අංකය: 119
පොලිස් මූලස්ථානය: 011 2421111
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය: 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව: 011 2784208 / 011 2784537