ඇය, පසුගිය අඟහරුවාදා රාත්‍රියේ නිව්යෝර්ක් නුවර පැවැත්වුණු ඇගේ නවතම චිත්‍රපටය වන “The Odyssey” හි Premiere එක සඳහා සහභාගී වුණා.
එහිදී ඇය ඉදිරිපත් කළ ආකර්ෂණීය විලාසිතාව (maternity style)මෙහිදී කාගේත් දැඩි අවධානයට ලක්වුණා.
මෙම විශේෂ රාත්‍රිය සඳහා ඇය සැරසී සිටියේ ඇයටම සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද Prada සන්නාමයේ දිගු ගවුමකින්. එහි උඩුකය දිලිසෙන ක්‍රිස්ටල් මෝස්තරයකින් (crystal bodice) හැඩවී තිබූ අතර, පහළ කොටස ෂැම්පේන් පැහැති රැලි සහිත (pleated skirt) දිගු සායකින් සමන්විත වුණා.
පහසුවෙන් එහාමෙහා කළ හැකි සිරුරට නම්‍යශීලී (stretch) රෙදිවලින් නිමවා තිබූ මෙම ඇඳුම, ඇගේ ගැබිණි පෙනුමටත් මනරම් මෙන්ම අලංකාර හැඩයක් එක්කර තිබුණා.