මේ හේතුවෙන් එම උප ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරනවා.
ඔවුන් පවසන්නේ අද (13) පස්වරු 7.30 ට නිකුත් කරන ලද මෙම විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පස්වරු 7.30 දක්වා ඉදිරි පැය 24 පුරාම වලංගු වන බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ පවතින වර්ෂා රටාවන් නිරන්තරයෙන් විශ්ලේෂණය කරමින් සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, වාසනාවකට මෙන් ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු හෝ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බවයි.
කෙසේ වෙතත්, කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් පසුවිය යුතු බවයි එම නිවේදනයේ විශේෂයෙන් සඳහන් කරන්නේ:
බුලත්සිංහල
මදුරාව
පාලින්දනුවර
පවතින තත්ත්වය අනුව ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින ලෙසත්, ගංගා ආශ්‍රිතව ගමන් කිරීමේදී සහ භාවිත කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.