කන්කසන්තුරේ ඉඳන් මන්නාරම හරහා කල්පිටියටත්, හම්බන්තොට ඉඳන් පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවලට තමා මේ තහනම දාලා තියෙන්නේ. නැවත දැනුම් දෙනකම් මේ පැතිවල ධීවර කටයුතු කරන එක ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණයෙන්ම තහනම් කරලා!
මේ දවස්වල මුහුද හරියට රකුසෙක් වගේලු. මේ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවෙන්න පුළුවන් වගේම, මුහුද ඉතාමත් දරුණු විදිහට රළු වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
දැනටමත් මුහුදු ගිහින් ඉන්න ධීවරයින්ට වහාම ආරක්ෂිතව ගොඩබිමට එන්න කියලා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඉල්ලා සිටිනවා. මේ හදිසි තීරණය නිසා ධීවරයින්ට ආර්ථික ප්‍රශ්න ආවත්, ජීවිතේ ඊට වඩා වටිනා බවයි ඔහු අවධාරණය කරන්නේ. තහනම නැති අනිත් මුහුදු ප්‍රදේශවල අයටත් දැඩි අවධානයෙන් ඉන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ.