ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරුදායක ලෙස ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ ගමන් කළ පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ව වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතු වී රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.