කාලෙන් කාලෙට වෙනස් වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන ඇය, මේ වෙද්දී රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් එක සේ දක්ෂයි කියලා ඔප්පු කරලා ඉවරයි. රංගන ශිල්පිනියක් විදිහට ආදරය දිනාගත්ත ශෙහානි, දැන් දක්ෂ ගායිකාවක් විදිහටත් රසික හදවත් කොල්ලකමින් ඉන්නවා.
ශෙහානි කියන්නේ හරියටම හොලිවුඩ් නිළියක් වගේ පෙනුමක් තියෙන, ලංකාවේ ඉන්න ලස්සනම නිළියන්ගෙන් කෙනෙක්. ඇගේ මේ ආකර්ෂණීය පෙනුම නිසාම සමාජ මාධ්‍ය තුළත් ඇයට තියෙන්නේ පුදුම ඉල්ලුමක්.
පහුගිය දවසක ශෙහානා තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මේ වෙද්දී මුළු අන්තර්ජාලයම උණුසුම් වෙලා තියෙනවා.
වෙනදා වගේම හරිම සුරූපී, ඒ වගේම ආකර්ෂණීය විදිහට හැඩවෙලා ඉන්න මේ ෆොටෝස් ටික දැක්කම නම් ඕනෑම කෙනෙක්ට එකපාරටම හිත යනවා. ඒ තරමටම ඇය මේ ඡායාරූපවලින් හැඩවෙලා ඉන්නවා.



