අදාළ සේවාව සැපයීමට ඉදිරිපත්ව සිටින චීනයේ ඊ-හැන්ග් සමාගමේ නියෝජිත කණ්ඩායමක් ද ඊට එකතු වී සිටි බවද නිවේදනයේ සඳහන් වුණා.
එහිදී , මගී ඩ්‍රෝන යානා මෙහෙයුම් ශ්‍රී ලංකාවේ වාණිජ වශයෙන් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, හදිසි මෙහෙයුම්, සයිබර් ආරක්ෂාව හා ගොඩබැස්වීමේ ස්ථාන ඇතුළු සියළු කරුණු සම්බන්ධයෙන් බලධාරින්ගේ විධිමත් අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍ය බව අමාත්‍ය අනුර කරුණාතිලක එහිදී අවධාරණය කර ඇති බවද සඳහන් වී තිබුණා.