පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව කටයුතු කර රුපියල් ලක්ෂ 79කට අධික මුදලක් අදාළ ආයතනයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.