ඒ වෙන කවුරුත් නෙවෙයි, හිරු ටීවී ඔස්සේ විකාශය වන අතිශය ජනප්‍රිය ඇත්තටම මං ඔයාට ආදරෙයි ටෙලිනාට්‍යය හරහා දිනපතාම ප්‍රේක්ෂක ආලින්දයට ගොඩවෙන නිමේෂ් එදිරිසිංහයි.
නාට්‍යයේ ඔහුගේ ආදරණීය රංගනය නිසාම තරුණියන්ගේ හදවත් එකපාරම හොරකම් කරගත් නිමේෂ්, පසුගියදා තමන්ගේ මුහුණුපොත ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එක්කර තිබුණා. ඉතාම ආකර්ෂණීය විලාසිතාවලින් හැඩවැඩ වී, කැමරා කාචය ඉදිරියේ ඔහු පෙනී සිටි ආකාරය දුටු රසික රසිකාවියන්ගේ ප්‍රතිචාරවලින් මුහුණුපොතේ කමෙන්ට් තීරුව පිරී ඉතිරී ගොස් තිබෙන අයුරු දැකගත හැකියි.
ආදරණීය කමෙන්ට් දහස් ගණනක් මැද මේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා. රංගනයෙන් පමණක් නොව, තම ආකර්ෂණීය පෙනුමෙන්ද රසික හදවත් අමන්දානන්දයට පත්කරන නිමේෂ්, මේ දිනවල ලංකාවේ වැඩිම රසික ආකර්ෂණයක් දිනාගත් කඩවසම් නළුවෙක් බව නැවත වරක් ඔප්පු කර හමාරයි.