කාලයක් තිස්සේ ඇගේ ස්වාභාවික රංගන විලාසය නිසාම රසික ආදරය නොඅඩුව දිනාගත් වත්සලා, මෑතකදී සමාජ මාධ්‍ය තුළ නැවතත් දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.
ඒ ඇය විසින් තමන්ගේ නිල මුහුණුපොත ගිණුමට එක්කර තිබූ වෙනස්ම ආරක, අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් නිසයි. වෙනදාට වඩා වෙනස්ම පෙනුමකින් සහ ඇස පිනවන මනස්කාන්ත සිනහවකින් සැරසුණු ඇය, ඒ ඡායාරූප පෙළට එකතු කර තිබූ සටහන බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්වුණා.
“Just a woman enjoying the beautiful life she created”
තමන් විසින්ම නිර්මාණය කරගත් සුන්දර ජීවිතය උපරිමයෙන් විඳින ගැහැනියක්...
තමන්ගේම උත්සාහයෙන්, තමන් වෙනුවෙන්ම ගොඩනගාගත් සතුට සහ නිදහස පිරුණු ජීවිතය ගැන ඇය තැබූ ඒ කෙටි නමුත් අර්ථවත් සටහනට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබුණේ ඉහළ ප්‍රශංසාවකින්. ඇගේ හදවත පිරුණු සිනහව සහ ඒ අපූරු ඡායාරූප පෙළ දුටු රසික රසිකාවියන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන් රැසක්ම, ඇගේ සුන්දරත්වයට මෙන්ම ආත්මවිශ්වාසයෙන් පිරි මේ ජීවන දැක්මට සුබපැතුම් එක්කරමින් ආදරණීය කමෙන්ට්ස් රැසක් එක්කර තිබෙනු දකින්න ලැබුණා.
ජීවිතය සුන්දරව දකින්න, තමන්ගේ සතුට තමන් විසින්ම සොයාගන්න ඕනෑම කාන්තාවකට ආදර්ශයක් දෙන විදිහේ පණිවිඩයක් මේ හරහා වත්සලා සමාජගත කර තිබෙන බවයි බොහෝ දෙනා පවසන්නේ.

