මොකද අද රෑ ඉඳන් මුළු පළාතකටම ජල සැපයුම සම්පූර්ණයෙන්ම වහලා දාන්න ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ලෑස්ති වෙනවා.
අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 වෙනකම්, ඒ කියන්නේ නොනවත්වා පැය 24ක් පුරාවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක කරාමවලින් එක වතුර බිඳක්වත් වැටෙන්නේ නෑ කියලා තමයි ආරංචිය.
බත්තරමුල්ල දියත උයන ආසන්නයේ, පොල්දුව පාලම ළඟින් යන අඹතලේ–දෙහිවල ප්‍රධාන ජල සම්ප්‍රේෂණ නලයේ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිද්ධ වෙන නිසයි මෙහෙම එක දිගට දවසක් තිස්සේ වතුර කපන්න තීරණය කරලා තියෙන්නේ.
වතුර නැතිව වේලෙන ප්‍රදේශ මෙන්න..
මේ දැවැන්ත කප්පාදුව නිසා නගර රැසක ජනජීවිතය එකතැන හිරවෙන ලකුණු පහළ වෙලා තියෙනවා. බලපෑම එල්ල වන ප්‍රධාන ප්‍රදේශ:
මොරටුව පැත්තට යන තෙක් තීරය: නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරලවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද.
තවත් ප්‍රධාන මාර්ග සහ උප නගර: සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ.සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත.
ඒ නිසා රෑ 8.00 වෙන්න කලින් පුළුවන් තරම් බේසම්, බාල්දි, බෝතල්වලට වතුර පුරවලා තියාගන්න එක තමයි ඇඟට ගුණ!