කඳන ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මොරටුව, පානදුර, හොරණ, බණ්ඩාරගම, කුඹුක, ඉංගිරිය සහ පිළියන්දල යන ප්‍රදේශවලට අද (04) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 05ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මොරටුව - කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම් ගහවත්ත, පොල්වත්ත, ශ්‍රීයා පෙදෙස, ක්ලෝවියස් මාවත, ගුණවර්ධනරාම පාර, ලේක් විලා, ශාන්ත පීතර පටුමග, පී. එම්. ප්‍රනාන්දු මාවත, මහවිදාන මාවත සහ ජනජය පාර, යන ප්‍රදේශවලටයි.
එමෙන්ම, ශාන්ත පීතර පාර, ෆ්‍රැන්සිස්කෝ පෙදෙස, එගොඩ උයන සහ මෙල්විල් වත්ත යන ප්‍රදේශවලට මෙන්ම පානදුර - කිරිබේරිය, හිරණ, කෙසෙල්වත්ත සහ පින්නවත්ත යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.
හොරණ - මදුරාවල සහ පෝරුවදණ්ඩ ප්‍රදේශවලට මෙන්ම කුඹුක - ගෝනපොල, කහතුඩුව, කිරිවත්තුඩුව, ඉංගිරිය සහ නම්බපාන යන ප්‍රදේශවලට අද පස්වරු 4.00 සිට රාත්‍රි 9.00 දක්වා පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.
එමෙන්ම බණ්ඩාරගම - රයිගම, මිල්ලෙණිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝමුල්ල සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවලටද උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම, අද පස්වරු 4.00 සිට හෙට දින පෙරවරු 08.00 දක්වා පැය 16ක කාලයක් පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්නන්තර, කැස්බෑව, පොල්ගඕවිට, කහපොල, මොරටුව පාර, කොස්පැලෑන, ගංගාරාම පාර සහ නීලම්මහර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ.