වෘත්තීය ජීවිතයේ නියැලෙමින්, සියලු අභියෝග හමුවේ ස්වාධීනව ජීවිතය ජයගන්නා තනිකඩ රැකියා නියුතු කාන්තාවන්ගේ (Single Working Women) අනුපමේය මෙහෙවර සහ කැපවීම අගය කිරීම වෙනුවෙන් වෙන්වූ "තනිකඩ රැකියා නියුතු කාන්තාවන්ගේ දිනය" (Single Working Women’s Day) අගෝස්තු 04 වනදාට යෙදී තිබෙනවා.
තනිකඩ රැකියා නියුතු කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ අභිමානය, දිරිය සහ සමාජ-ආර්ථික දායකත්වය අගය කිරීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණයි.
මෙම දිනය හුදෙක් සුබපැතුම් පණිවිඩයකට පමණක් සීමා නොවූවක් වන අතර, තනිකඩ රැකියා නියුතු කාන්තාවන් දිනපතා සමාජයට සහ ආර්ථිකයට ලබාදෙන දැවැන්ත දායකත්වය අගය කිරීමට මෙය හොඳම අවස්ථාවක්.
රැකියා ස්ථානයේ සමාන අවස්ථා ලබාදීම සහ ලිංගික අසමානතාවන්ට එරෙහිව හඬ නැඟීම, දරුවන්ගේ වගකීම් සහ වෘත්තීය ජීවිතය තනිවම කළමනාකරණය කරගන්නා මව්වරුන්ගේ දිරිය අගය කිරීම, තනිකඩ කාන්තාවන් පිළිබඳ සමාජයේ පවතින සාම්ප්‍රදායික මෙන්ම අසුබවාදී මතවාද (Singlism) අභියෝගයට ලක්කිරීමයි.
මෙම විශේෂ දිනය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ බාබරා පේන් (Barbara Payne) නැමැති තනිකඩ රැකියා නියුතු කාන්තාවටයි. 2006 වසරේදී බාබරා පේන් විසින් මෙම සංකල්පය ඉදිරිපත් කරන ලද අතර, සමාජය තුළ සහ වෘත්තීය මට්ටමින් තනිකඩ කාන්තාවන්ගේ දායකත්වය නිසි ලෙස අගය නොවන බව වටහාගත් ඇය, ඔවුන් වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයක අවශ්‍යතාව පෙන්වා දුන්නා.
මෙම දිනය හරහා තනිකඩ කාන්තාවන්ගේ ස්වාධීනත්වය, සමාජ සම්බන්ධතා සහ වෘත්තීය ප්‍රගතිය අගය කරන අතර, වැටුප් විෂමතා සහ රැකියා ස්ථානවල මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කරවනවා.
කෙසේ වෙතත්, තනිකඩ රැකියා නියුතු කාන්තාවන් සහ තනිකඩ මව්වරුන් සවිබල ගන්වන සංවිධාන සමඟ එකතු වී ස්වේච්ඡාවෙන් සේවය කිරීම පෙළඹී තිබෙනවා.
තනිකඩව ජීවිතයේ සහ වෘත්තියේ අභියෝගයන්ට මුහුණ දෙන සෑම කාන්තාවකගේම ශක්තිය, ස්වාධීනත්වය සහ කැපවීම අගය කරමින් ඔවුන්ට සහයෝගය දැක්වීම මුළු සමාජයේම වගකීමක්..