"ගජිනි" (Ghajini) සහ "ලගාන්" (Lagaan) වැනි සුප්‍රකට ඉන්දියානු චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය හා ගෞරවය දිනාගත් ප්‍රකට රංගන ශිල්පී ප්‍රදීප් සිං රාවට් (Pradeep Singh Rawat) ඊයේ සවස අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතා 74 වැනි වියෙහි පසුවූ බවයි වාර්තා වෙන්නේ..
පසුගිය වසර කිහිපය තිස්සේ ලේ පිළිකා (Blood Cancer) රෝගයෙන් පෙළෙමින් සිටි ඒ ඔහු, මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ කළමනාකරු සිද්ධාර්ත් තිවාරි තහවුරු කළේ. මතකයේ රැඳුණු රංගන ජීවිතය දශක හතරකට ආසන්න රංගන පෞරුෂයකට හිමිකම් කී ප්‍රදීප් සිං රාවට්ගේ සිනමා ගමනේ විශේෂ සන්ධිස්ථාන කිහිපයක් ලෙස, මහාභාරත් (1988) හඳුන්වාදෙන්න පුළුවන්.
එසේම බී. ආර්. චොප්රාගේ සුප්‍රකට 'මහාභාරත්' ටෙලි වෘත්තාන්තයේ 'අශ්වත්ථාමා' (Ashwatthama) ලෙස රඟපාමින් ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට ඔහු සමත් වුණා. 'ලගාන්' චිත්‍රපටයේ 'දේවා සිං' (Deva Singh) ලෙස දක්වන ලද විශිෂ්ට රංගනයන්ගෙන් එකක්.. දෙමළ සහ හින්දි යන භාෂා දෙකෙන්ම නිර්මාණය වූ 'ගජිනි' චිත්‍රපටයේ භයානක දුෂ්ටයා වන 'ගජිනි ධර්මාත්මා' චරිතය තුළින් ඉන්දියානු සිනමාවේ අමරණීය මතකයක් බවට පත්ව තිබුණා.
එස්. එස්. රාජමෞලිගේ 'Sye' චිත්‍රපටයෙන් තෙලෙඟු සිනමාවට පිවිසි ඔහු, 'Bhikshu Yadav' ලෙස කළ රංගනය වෙනුවෙන් මහත් ඇගයීමට ලක්වුණු අතර, හින්දි, දෙමළ, තෙලෙඟු, කන්නඩ, මලයාළම් ඇතුළු භාෂා ගණනාවක චිත්‍රපට රැසකට දායක වූ ප්‍රදීප් සිං රාවට් මහතාගේ වියෝව වෙනුවෙන් බොලිවුඩ් සහ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සිය ශෝකය පළකර සිටින බවයි දැනගන්න ලැබෙන්නේ..