ඒ අනුව 2025 කාලපරිච්ඡේදය තුළ දිවයිනේ වැඩිම එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර, වැඩිම ගවයින් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බවයි වාර්තා වන්නේ.
එළුවන් සහ බැටළුවන් ඝාතනය වූ හැටි.
කොළඹ - 28,388යි
මඩකලපුව - 7,195යි
මහනුවර - 3,971යි
යාපනය - 3,299යි
පුත්තලම - 472යි
කෙසේ වෙතත් කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් කිසිදු එළුවන් හෝ බැටළුවන් ඝාතනය වීමක් වාර්තා වී නොමැති වීම විශේෂත්වයක්. 2025 වසරේදී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාව 44,755 ක්.
වැඩිම ගව ඝාතන සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක මෙන්න..
මඩකලපුව - 30,190යි
අම්පාර - 27,078යි
අනුරාධපුරය - 15,707යි
කුරුණෑගල - 13,646යි
ත්‍රිකුණාමලය - 13,307යි
2025 වසරේදී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත ගවයින් සංඛ්‍යාව 156,270ක් වන අතර, එය 2024 වසරේ වාර්තා වූ 164,177ට සාපේක්ෂව යම් පහත වැටීමක්.
කෙසේ වෙතත්, මෙම අගය 2023 (146,339) සහ 2022 (147,562) වසරවල වාර්තා වූ සමස්තයන්ට වඩා ඉහළ මට්ටමක පවතින අතර, 2021 වසරේදී ගවයින් 151,841 දෙනෙකු ඝාතනය කර තිබුණා. එමෙන්ම පසුගිය කාලය දෙස බැලීමේදී 2011 වසරේදී ගවයින් 162,104ක් සහ 2012 වසරේදී ගවයින් 173,828ක් ලෙස විශාල සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.