රංගනය, නිවේදනය, ගායනය මේ හැම දේකටම එක වගේ උපන් හපන්කම් දක්වන සාරංගගේ නම ඇහුවත් මේ දවස්වල තරුණියන්ගේ හිත් ගැහෙන්නේ නිකන්ම නෙවෙයි!
පසුගිය දවසක සාරංග තමන්ගේ නිල මුහුණුපොතට අලුත්ම ඡායාරූප පෙළක් එක්කර තිබුණා. වෙනදාටත් වඩා අතිශය හැන්ඩ්සම්, තරුණ පෙනුමකින් සහ අමුතුම ආකර්ෂණයකින් යුතු විලාසිතාවලින් සැරසිලා හිටපු සාරංගගේ මේ ඡායාරූප දුටු සැනින් මුළු සමාජ මාධ්‍යම උණුසුම් වුණා කිව්වොත් නිවැරදියි.
කැමරා කාචය ඉදිරියේ ඔහු තැබූ තියුණු බැල්මත්, කඩවසම් පෞරුෂයත් නිසා මේ හැම ඡායාරූපයකටම ලැබිලා තියෙන්නේ සුපිරි පෙනුමක්. දවසින් දවස වයසට යනවට වඩා තව තවත් කඩවසම් වෙන සාරංගගේ මේ අලුත්ම පෙනුමට කාන්තා පාර්ශ්වයෙන් නොමඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.