ඒ විභාගය අසමත් වූ තම දියණිය වෙනුවෙන් ආදරණීය මවක් තැබූ සංවේදී සටහනක් නිසයි.
අද සමාජයේ දෙමාපියන් තම දරුවන්ව පන්ති ගානේ දක්කමින්, ලකුණු පසුපස හඹායන තරඟයක සිරකරුවන් කර තිබෙන යුගයක, මේ අම්මා තෝරාගෙන තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් මාවතක්. ඇය තම දියණියගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය ගැන මුහුණුපොතට එක්කර තිබුණේ හදවතට තදින්ම දැනෙන මෙවන් වදන් පෙළක්:
"පහ අසමත්, හැබැයි අම්මට සමත්! රෝස මල ඔයා ඔයාගේ සුන්දර ළමා කාලය ලස්සනට වින්දා. මට ඕන වුණේ ඔයාගේ සුන්දර ළමා කාලය ඔයාට දෙන්න. කිසිම පන්තියකට නොගිහින්... මොකද මම දැක්කා හතිවැටුණු දෙමාපියන්, ඒ වගේම දරුවෝ. මේ ගත්ත ලකුණු ගැන අම්මටයි තාත්තටයි ගොඩක් සතුටුයි මැණික..."
තරඟකාරී අධ්‍යාපන රටාව ඇතුළේ දරුවන්ගේ ළමා කාලය සින්නක්කරවම උදුරා ගන්නා වටපිටාවක, දරුවාගේ සතුට සහ නිදහස ලකුණුවලට වඩා උතුම් කොට සැලකූ මේ අම්මාගේ ක්‍රියාවට මේ වන විට අන්තර්ජාලය පුරා නොමද පැසසුම් හිමිවෙමින් පවතිනවා.
විභාගයකින් ලැබෙන ලකුණු කිහිපයකට වඩා දරුවකුගේ මානසික සුවය සහ නොකැළැල් ළමා කාලය වටිනා බව පසක් කර දුන් මේ සටහන, අද වන විට දහස් ගණනක් දෙනා අතරේ හුවමාරු වන්නේ සමස්ත දෙමාපිය පරපුරටම පාඩමක් කියා දෙමින්.