2026 වසරේ පැවැත්වුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2027 වසරේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් පාසල්වලට ඇතුළත් කිරීමේ කටයුතු ඉදිරියේදී සිදුවන ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
මෙවර පාසල් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ අයදුම්පත් කැඳවීමට නියමිතයි. අදාළ අයදුම්පත් යොමු කිරීම සිදුවන්නේ සිසුන් දැනට ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිවරුන් මාර්ගයෙන් බවයි වාර්තා වන්නේ.
අයදුම්පත් කැඳවන නිශ්චිත දින වකවානු, ඊට අදාළ සවිස්තරාත්මක උපදෙස් සහ මාර්ගෝපදේශ මාලාව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි.