ඔහුගේ මේ වියෝව හමුවේ කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සිය සංවේගය පළ කරද්දී, ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාද සිය මුහුණුපොතට එකතු කර තිබුණේ හදවතට තදින්ම දැනෙන සටහනක්. තමන්ගේ සමීපතම සහෝදරයෙකු වැනි හිතවතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, ඔහු මෙලෙස තැබූ සටහන ඕනෑම කෙනෙකුගේ නෙතඟට කඳුළක් උනන තරම් සංවේදීයි.
"අප සමඟ එකට සිටි සහෝදර කලාකරුවෙකු වන ප්‍රියංකර පෙරේරා මල්ලි අද දින ඒ හිතවත්කම් සොඳුරු මතක පමණක් අප අතර ඉතිරි කරමින් අපෙන් සමුගෙන යනවා. අද ඔබට මමත් මගේ ආදරණීය බිරිඳත් අවසන් ගෞරවය පුද කරන්නට පැමිණියා... ආදරණීය ප්‍රියංකර මල්ලි, ඔබට උතුම් නිවන් සුව ලැබේවා....."