ඒ, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක, ගායක මෙන්ම ගීත රචක විමලජිත් දොඹගහවත්ත මහතායි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියෙහි පසුවුණා.
"සීතල කැටි ගැසී...", "රොටිය කරවෙලා නෝනේ...", "රෑ සඳ පාන ගෙතුලට ගේන..." වැනි දශක ගණනාවක් පුරා රසික සිත් සැනසූ සදාතනික නිර්මාණ රැසක් දායාද කළ ඔහු, පරම්පරා ගණනාවක ප්‍රේක්ෂක ආදරය දිනාගත් සොඳුරු කලාකරුවෙක්.
ඔහුගේ සමුගැනීම ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවක්.