ඒ අනුව හෙට (03) රාත්‍රී 8.00 සිට අනිද්දා (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ දෙහිවල ජල සම්ප්‍රේෂණ නලයේ බත්තරමුල්ල දියත උයන ආසන්නයේ (පොල්දුව පාලම අසල) සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි වාර්තා වන්නේ.
ජල සැපයුම අත්හිටුවන ප්‍රධාන ප්‍රදේශ...
නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස,රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර,අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල,මෝදර, කොරලවැල්ල, එගොඩඋයන, කටුකුරුන්ද
එමෙන්ම පහත දැක්වෙන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ලැබේ...
සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ.සිල්වා මාවත, හැව්ලොක් පාර,කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත
එබැවින් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට කල්තියා අවශ්‍ය ජලය රැස්කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.