වීරගුල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් අතරතුරදීයි උන්වහන්සේ වෙත මෙම අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සීලරතන හිමියන්ව වහාම ගම්පහ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වීරගුල පොලිසිය සඳහන් කරන්නේ. මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරගුල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.