කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස තුළ තිබියදීයි ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ. මියයන විට ඔහු 57 වැනි වියේ පසුවූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම හදිසි මරණයට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද, මූලික පරීක්ෂණ අනුව මෙය සියදිවි හානිකර ගැනීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
පසුගිය කාලය පුරා විවිධ දේශපාලන ක්‍රියාකාරකම් සහ ආන්දෝලනාත්මක සිදුවීම් නිසා නිතර මාධ්‍ය සිරස්තල අතර රැඳුණු එරාජ් ප්‍රනාන්දුගේ මෙම අභිරහස් සහ නොසිතූ සමුගැනීම, දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් මෙන්ම කුතුහලයක් ද මතු කර තිබෙනවා.