මෙලෙස අතුරුදන් වී ඇත්තේ චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ බිරිඳ වන ශිලාජා මුරලිදරන් සහ ඔවුන්ගේ වයස අවුරුදු 14ක් හා 11ක් වන අශ්වින් සහ ආරුෂ් යන පුතුන් දෙදෙනායි.
නේපාලයේ පූජනීය කයිලාෂ් කන්ද ආසන්න ප්‍රදේශයේ වන්දනා ගමනක නිරතව සිටියදී, පසුගිය අගෝස්තු 26 වැනිදා එකවරම ඇති වූ මෙම දරුණු ගංවතුර තත්ත්වයත් සමඟ ඔවුන් සිටි ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර, එතැන් සිට ඔවුන් සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා අහිමි වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම බිහිසුණු ගංවතුර ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 1,250කට අධික පිරිසක් මියගොස් ඇති අතර, තවත් 4,200කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවයි. අතුරුදන් වූ ශ්‍රී ලාංකික පවුල සොයා දැනටමත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.