පුංචි තිරය හරහා නිතරම ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන ඇය, තමන්ගේ රංගන කුසලතාවය වගේම නිහතමානී සුන්දරත්වය නිසාම කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක්.
පසුගිය දවසක ඉෂාරා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට හරිම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. මේ සේයාරූ පෙළත් එක්ක ඇය අපූරු සටහනකුත් මුහුණුපොතේ තියලා තිබුණේ ඇයගේ ජීවිතේ සරල බව තවත් හොඳින් ප්‍රේක්ෂකයින්ට කියාපාමින්. “අද දවසේ ලැබුණු පුංචි සතුටු මොහොතක් වුණත්, හිත පිරෙන්න විඳින්න… ඒ තමයි සෑහීමෙන් පිරි සුන්දර ජීවිතයක්.” කියලයි ඇය ඒ අපූරු ඡායාරූපවලට සටහනක් යොදා තිබුණේ.
මනබඳින හිනාවකින් සහ චාම් පෙනුමකින් හැඩවුණු ඉෂාරාගේ මේ අලුත්ම ඡායාරූපවලට මේ වෙද්දිත් අන්තර්ජාලයේ රසිකයින්ගෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇයගේ රූපයට වගේම ඇය පළකරලා තියෙන ඒ අර්ථවත් වදන් පෙළටත් බොහෝ දෙනෙක් ආදරණීය කමෙන්ට්ස් එකතු කරලා තිබුණා. ඉතින් මේ විදිහටම සරලව, සතුටින් තමන්ගේ කලා කටයුතු සාර්ථක කරගන්න ඉෂාරා සඳමිණිට අපිත් හදවතින්ම සුබ පතනවා.