පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් නිතරම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය, සමාජ මාධ්‍ය හරහාත් තමන්ගේ රසිකයින් එක්ක නිතරම සම්බන්ධ වෙනවා.
පසුගිය දවසක දිනක්ෂි ඇයගේ ෆේස්බුක් ගිණුමට ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. රතු පාටට හුරු රෝස පැහැති හැඩකාර ගවුමකින් සැරසිලා ඉන්න දිනක්ෂි මේ ඡායාරූපවලින් පේන්නේ හරියට මල් කුමාරියක් වගේ. ඇයගේ මේ අලුත්ම විලාසිතාව මේ දිනවල අන්තර්ජාලයේ ගොඩක් දෙනෙකුගේ අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා.
මේ ඡායාරූපවල තියෙන කැපී පෙනෙනම විශේෂත්වය තමයි ඇයගේ මුහුණේ තියෙන අහිංසක, පිරුණු සිනහව සහ සතුට. දිනක්ෂිගේ මේ දෑස නිවෙන ලස්සන හිනාවට වසඟ නොවුණු කෙනෙක් නැති තරම්. ඉතින් ඇයගේ මේ අලුත්ම ෆොටෝ ෂූට් එකට ෆේස්බුක් එකේ රසිකයින්ගෙනුත් ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයක්. ගොඩක් දෙනෙක් ඇයගේ ලස්සන වර්ණනා කරලා ආදරණීය කමෙන්ට්ස් එකතු කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.
හැමදාමත් මේ විදිහටම ලස්සනට, සතුටින් කාලය ගතකරන්න දිනක්ෂිට අපිත් හදවතින්ම සුබ පතනවා.