හැබැයි ඒ ඇයගේ රංගනයක් නිසා නම් නෙවෙයි, ඇයගේ 'අනන්‍යතාවය' ගැන අලුතින් ඇතිවුණු මතභේදයක් නිසයි. මේ වෙද්දි ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් වගේම උණුසුම් සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා.
ප්‍රශ්නය පටන් අරන් තියෙන්නේ, මෛත්‍රී තමන්ව ශ්‍රී ලාංකිකයෙකු විදිහට හඳුන්වා දෙන්න අකමැති වීමත් එක්කයි. ඇය ප්‍රසිද්ධියේම කියලා තියෙන්නේ තමන් කැනේඩියානු ජාතිකයෙකු සහ 'ඊළාම් දෙමළ' සංස්කෘතික පසුබිමක් තියෙන කෙනෙක් කියලයි. ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් ගියපු අය වුණත්, තමන්ගේ මව්බිමේ අනන්‍යතාව මේ විදිහට ප්‍රතික්ෂේප කිරීම ගැන බොහෝ දෙනෙක් කෝපයට පත්වෙලා ඉන්නවා. මෛත්‍රීගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ පළකරපු සටහන්වලට වගේම, ඇයගේ අලුත්ම Netflix චිත්‍රපටය වන ‘Best of the Best’ සම්බන්ධයෙන් පළකරපු පෝස්ට් යටතේත් මේ ගැන ලොකු විවේචන සහ කමෙන්ට්ස් වැටෙමින් පවතිනවා.
සමහරු සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට චෝදනා කරන්නේ, දෙමාපියන්ගේ උපන් රටේ අනන්‍යතාවය ලෝකය ඉදිරියේ මේ විදිහට ප්‍රතික්ෂේප කිරීම සහ වැරදි විදිහට නිරූපණය කිරීම කිසිසේත්ම පිළිගන්න බැහැ කියලයි. හැබැයි මේ අතරේ මෛත්‍රීගේ පැත්ත අරන් කතා කරන පිරිසකුත් ඉන්නවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ සංස්කෘතික පසුබිම සහ ජාතිකත්වය තමන්ට ඕනෑ විදිහට තීරණය කරන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා කියලයි.
කොහොම වුණත්, පසුගිය සැප්තැම්බර් 18 වැනිදා මෛත්‍රීගේ මේ අලුත්ම චිත්‍රපටය නිකුත් වීමත් එක්කම, මේ අනන්‍යතා ප්‍රශ්නය සහ සමාජ මාධ්‍ය ගැටුම තවත් රත් වෙලයි තියෙන්නේ. ලෝක ප්‍රකට තරු අතරට ගියත් තමන්ගේ මුල් අමතක කිරීම ගැන මෛත්‍රීට එල්ල වෙන මේ ප්‍රහාරය ඉදිරියට තවත් උණුසුම් වේවි.