හැබැයි ඉතින් මේක කෙලින්ම අපේ රටට ආවේ නැති වුණාට, ඒකේ සුළං පාර ඇදෙන්නේ අපේ පැත්තෙන්. ඒ කියන්නේ ලංකාවටත් මේකේ "සයිඩ් ඉෆෙක්ට්ස්" හොඳටම තියෙනවා කියන එකයි!
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටයි, ගාල්ල සහ මාතර පැත්තටයි අද දිගට හරහට වැසි. සමහර තැන්වලට මිලිමීටර් 100 ට වැඩියෙන් මහා වැසි කඩාහැලෙන්න පුළුවන්.
උතුරු-මැදටයි, මන්නාරමටයිත් පොඩි පොඩි වැසි වාර සෙට් වෙන්න පුළුවන් කියලා කාලගුණයෙන් කියනවා.
වැස්ස විතරක් නෙවෙයි, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වලටයි, වයඹ සහ උතුරු-මැදටයි, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතලේ පැතිවලටයි පැයට කිලෝමීටර් 40-50 ක විතර සැර හුළඟකුත් එන්න පුළුවන්.
ඒ නිසා, ගිගුරුම් දීලා අකුණු ගහන වෙලාවට එළියට බැහැලා ෆෝන් ඔබ ඔබ ඉන්න නම් එපා හොඳේ! මේ දවස්වල කාලගුණේ විශ්වාස කරන්න බැරි නිසා, පරිස්සමෙන් ඉන්න එක තමයි ඇඟට ගුණ. මේ ගැන ඔයාලගේ යාලුවන්ටත් ශෙයා කරලා ඉක්මනින් දැනුවත් කරන්න!