ඒත් දැන් සෞදි අරාබිය තෙල් මතම යැපෙන එක අඩු කරලා, අලුත් පියවරකට යන්න සූදානම් වෙනවා. ඒකේ පළමු පියවර විදිහට ඔවුන් තමන්ගේම රටේ නිෂ්පාදනය කරපු පළමු විදුලි මෝටර් රථ මාදිලි දෙක (EV) එළිදක්වලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞදියේ මේ අලුත් වැඩේට අතගහලා තියෙන්නේ 'Ceer' කියන ආරම්භක සමාගමක් (Startup Company). ඔවුන් මේ හඳුන්වා දීලා තියෙන අලුත්ම විදුලි කාර් දෙක නම් කරලා තියෙන්නේ "Exobot" කියලයි. මේවා නිකම්ම නිකන් කාර් නෙවෙයි, අනාගතවාදී සුපිරි මෝස්තරයකින් (Futuristic Design) හැඩවුණු අති සුඛෝපභෝගී සෙඩාන් (Sedan) රථයක් සහ SUV රථයක් තමයි මෙහෙම වෙළඳපොළට එන්න ලෑස්ති වෙන්නේ.
මේ විදුලි රථ දෙක 2027 වසරේ මුල් භාගයේ ඉඳන් සෞදි අරාබියේදී මිලදී ගන්න පුළුවන් වෙනවාලු. විතරක් නෙවෙයි, 2030 අවුරුද්ද වෙනකොට තවත් විදුලි වාහන මාදිලි 5ක් වෙළඳපොළට හඳුන්වා දෙන්නත් Ceer සමාගම මේ වෙද්දිත් සැලසුම් කරලයි තියෙන්නේ.
ඉතින් තෙල්වලින් ලෝකෙම හොල්ලපු සෞදි අරාබිය, දැන් විදුලි වාහන නිෂ්පාදනයටත් අතගහලා තියෙන එක ලෝක මෝටර් රථ කර්මාන්තයට ලොකු පෙරළියක් වෙයි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා.