ඒ තමයි ඔහු ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් හදිසියේම ඉල්ලා අස්වීම.
රටේ ඉතා වැදගත් වගකීමක් තියෙන මේ සභාපති පුටුවෙන් ඔහු මෙහෙම හිටිහැටියේම සමුගත්තේ ඇයි කියන එක ගැන ගොඩක් අයට කුතුහලයක් ඇතිවෙලා තියෙනවා.
කොහොම වුණත් මේ හදිසි අස්වීම ගැන රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා නම් මාධ්‍යයට කියලා තියෙන්නේ, තමන් මේ තීරණය ගත්තේ හුදෙක්ම 'පෞද්ගලික හේතුවක්' මත විතරයි කියලයි.
අපේ රටේ කලාවට වගේම සාහිත්‍යයටත් ලොකු මෙහෙවරක් කරපු මේ ප්‍රවීණ කලාකරුවාගේ හදිසි අස්වීම ගැන මේ වෙද්දී කලා ක්ෂේත්‍රය ඇතුළෙත් විවිධ කතාබහ නිර්මාණය වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් ඔහුගේ මේ තීරණයට හරියටම බලපෑව පෞද්ගලික කාරණාව මොකක්ද කියන එක නම් තවමත් රහසක්!