ඒ, එහි රඳවා සිටි සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ටත් හොරෙන්ම තාප්පයෙන් පැන පලාගොස් ඇති බවයි.
මෙසේ පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කුලීගොඩ, ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අගම්පොඩි දිලීප සම්පත් නමැති සැකකරුවෙක් බවයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කරන්නේ.
ගෙවල් බිඳුම් සහ සොරකම් චෝදනා යටතේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 4ක් සම්බන්ධයෙන් මොහුව ඉකුත් ජූනි මස 22 වන දින සිට බන්ධනාගාර ගතකර සිට තිබෙනවා.
අද (02) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ගේ ලේඛනය පරීක්ෂා කිරීමේදීයි මොහු ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇති බවට අනාවරණය වී ඇත්තේ..
විශේෂම කරුණ වන්නේ මොහු මීට පෙර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීද මෙලෙසම තාප්පයෙන් පැන පලාගිය පුද්ගලයෙකු බවට හෙළිවීමයි.
නැවත වතාවක් බන්ධනාගාරයකින් පලාගිය මෙම සූක්ෂම සැකකරු කෙසේ හෝ නැවත අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.