මේ අතුල මෑතක ජනක කුඹුකගේ සමඟ සම්මුඛ වෙමින් කියූ කතාවක්..
"ලෝකේ කෙහෙවත් ශාස්තෘවරයෙක්වත් කියලා නෑ, ආදරේ කරන්න ඕනෙ එකපාරයි, ආදරේ දැනෙන්නෙ එකපාරයි, විවාහ වෙන්නෙ එකපාරයි වගේ දේවල්.. ලෝකෙ කොහෙවත් එහෙම සම්මතයක් නෑ මෙන්න මේ වගේ වෙන්න කියලා. මටත් ආදරේ දැනෙනවා මම ආදරේ කරනවා. ප්‍රථම ආදරේ මට තියාගන්නවත් බැරි වුණා..."
"දෙවනි පාරත් මම ඉවත් වෙනවා. වරද කාගෙද කියන එක නෙවේ වැදගත්.. එතනින් පස්සෙ අපි ඉන්නෙ කොහොමද කියන එක. කෙනෙක්ට ආසාධාරණ වෙන්නත් පුලුවන් සමහර වෙලාවට. ලිංගිකව හැසිරුණු කෙනෙක්ට පුලුවන් යාලුවෝ වගේ ඉන්න. යාලුවොන්ට පුලුවන් පහු කාලෙක ලිංගිකව එකතු වෙන්න. ඒකයි ඉතින්.. මම දුක්වෙලා නෑ කළකිරිලත් නෑ. දුක සතුට මට දැනෙනවා. අසාර්ථකයි කියල හිතන් නෑ.."