ජනප්‍රිය ගී පද රචක මනූ සමඟ එක්වෙමින්,
අතුල ආදරය සහ ලිංගිකත්වය ගැන, මෙන්න මෙහෙම
කතාවක් කිව්වා.
"ආදරේ අර්ථ දක්වන්න බෑ කාටවත්.. එක එක්කෙනා දකින විදිහත් වෙනස්. විඳින විදිහත් වෙනස්.. සමහරු ආදරය සහ ලිංගිකත්වය දෙකක් කියනවා. මගේ අදහස ඒ දෙකම සමානව තියෙන්න ඕනෙ. ආදරය නැතුව ලිංගිකත්යෙන් වැඩක් නෑ. ලිංගිකත්වය නැතුව ආදරෙන් වැඩකුත් නෑ. ලංකාවේ මේ වගේ දේවල් කෙළින් කතා කරන්නත් අමාරුයි. මම මරණය ගැන කිව්වොත් හිතන්නෙ මම කළකිරිලාද කියලා. මම ඇත්තටම සමාජෙට ඕනෙ විදිහට ජීවත් වෙන්නෙ නෑ..."
කටකතා විවේචන ආවා වුණත්, ඒ දේවල් ගණනකට නොගෙන
තමන්ගේ විධිය වෙනස් නොකරගත්ත කෙනෙක් අතුල ?
"සමාජය හදන කතාවලට මුකුත් නොකියා ඉන්නෙ ඒකයි. මට ජීවිතේ අත්දැකීම් ගොඩක් තියනවා. මර්වින් පෙරේරාට මම බැක් කළේ 82 දී. අමල්ට මෑතක බැක් කළා. නදීමාල් එක්ක ගිටාර් ප්ලේ කළා.. පරම්පරා තුනක මම වැඩ කරලා තියනවා..නවක දක්ෂයින් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ප්‍රවීණත්වය කියන්නෙ දක්ශතාවය කියලා මම හිතන් නෑ.."