1980 දශකයේදී ටෙක්සාස් පර්යේෂණ මධ්‍යස්ථානයකින් ජැක්සන් අතට පත්වෙන බබල්ස්, එතැන් පටන් ගත කළේ සාමාන්‍ය සතෙකුට නොලැබෙන සුපිරි ජීවිතයක්.
මයිකල් ජැක්සන්ගේ ලෝක සංචාරවලට පවා එක්වුණු බබල්ස්, සංගීත ප්‍රසංගවල වගේම වීඩියෝවලත් නිතරම පෙනී සිටිමින් ලොව පුරා ජනප්‍රිය වුණා.
වයසින් වැඩෙද්දී බබල්ස් පාලනය කිරීම ටිකක් අපහසු වුණා. චිම්පන්සියන් වැඩෙත්ම ඉතාම ශක්තිමත් සහ ආක්‍රමණශීලී විය හැකි නිසා, බබල්ස්ගේ ආරක්ෂාවත් ජැක්සන්ගේ ආරක්ෂාවත් ගැන හිතලා 2005 වසරේදී ඔහුව ෆ්ලොරීඩාවේ 'Center for Great Apes' අභයභූමියට මාරු කෙරුණා.
මේ වන විට බබල්ස්ට වයස අවුරුදු 43ක් !සාමාන්‍යයෙන් වනයේ ජීවත් වන චිම්පන්සියන්ගේ ආයු කාලයට වඩා වැඩි කාලයක් බබල්ස් ජීවත් වීම විශේෂත්වයක්. අද ඔහු අභයභූමියේ ඉන්න අනෙකුත් චිම්පන්සින් එක්ක හරිම සන්සුන්, නිදහස් ජීවිතයක් ගත කරනවා. තවමත් ඔහුට ජැක්සන්ගේ මතකයන් ඇතිද කියලා අපිට හිතන්න විතරයි පුළුවන්.
දැන් බබල්ස් ඒ අභයභූමියේ ඉන්න කුඩා චිම්පන්සි පැටවුන්ට ආරක්ෂාව ලබා දෙන, හැමෝම ගරු කරන "ලොකු අයියා" කෙනෙක් වෙලා.