ඔහොම අගෝස්තු නිවාඩුවට අපේ අම්මගේ පැත්තේ කට්ටිය ආවා. ඒ අපේ ලොකු අම්මයි , ඒ නංගියි , මල්ලි.. අපි සෙට් එක වෙන අවුරුදු වගේම කතරගම යන්න දාගත්තා. එදා මගේ ජීවිතේ වෙනස්ම වුණ දවසක්.. ඒ මට කෙල්ලෙක්ට හිත ගිය පළවෙනි වතාව.
මල්ලියි මායි පට්ට බොක්ක පොඩි කාලේ ඉදං. අපි දෙන්නා තමයි අඩියක් ගහන්නේ කොහේ ගියත් .. මොකද පොරත් අමු බෙබා වගේම කුකුළා.. මල්ලිගේ නම ලංකිත. ලන්කියා කියලා මං කියන්නේ..
අපි කතරගම ගියේ රෑ පූජාවට. අම්මලා නංගිලා පූජාවට බැහැලා බක්තියෙන් වැඩ.. අපි දෙන්න ඒ අයගේ පස්සේට වෙලා වටේ ඉන්න ගෑණු ළමයි දිහා බල බල පොඩි ටෝක් පාරක් දාගෙන හිටියේ.. පුජාව ඉවර වෙලා අපි කෙළින්ම කිරිවෙහෙරට ගියා.. ඒ ගමන තමයි මගේ ජීවිතේ වෙනස් කරේ.. ඒ කිරිවෙහෙර අසළ මල් විකුනපු නංගි.. එයාගේ නම අකිලා.. නම විතරයි අහගන්න පුළුවන් වුණේ . . අම්මෝ එයා නම් පිස්සුවක් .. අපි මල් අරගෙන ආවත් මම ලන්කියා එක්ක මල් ගන්න ගියේ බොරුවට. ඒ මල් ඕනෑවට නෙවෙයි , අරයා එක්ක කතා කරන්න ඕනි නිසා.. ඒ ඇග දැක්කම මගේ ඇග හිරි වැටෙනවා. එච්චර ලස්සනයි.. පළවෙනි දවස නිසා මට ලොකුවට දේවල් කතා කරන්න බයයි. නිකන් චාටර් වගේ කියලා හිතුණා.. බලද්දී මල්ලිත් එයාට පොඩි ලයින් එකක් දානවා. කොහොම හරි මල් අරන් ශේප් එකේ එදා වැඩ ටික අපි ඉවර කර ගත්තා.. කතරගම ආවාම අපි පොඩි හොටෙල් එකක නතර වෙලා පහුවදා , කිරින්ද බීච් පැත්තෙත් රවුමක් ගහන්න පුරුද්දක් කරගෙන තිබුණේ.. කොහොම හරි අපි දෙන්නා රෑ කට්ටිය නිදා ගත්තම පොඩි අඩියක් ගහන්න සෙට් වුණා. ඒ අතර තමයි මම අකිලා ගැන කියන්න ගත්තේ..
ඒ ෂොට් එකක් දාන අතරතුර..
මගේ ඇස් වහලා මු අකිලට නම්බරේ දීලා දැක්ක වෙලාවේම. ඒක කිව්වම මගේ මූඩ් එක එහෙන් පිටම අවුල් වුණා. මොකද මගේ හිතේ ඇදුන එකම රූපේ අකිලා.. මං ගත්ත කටට කිව්වා අඩේ එකී මගේ එහෙම කරන්න එපා කියලා. මල්ලි මගේ බොක්ක. ඌ ආතල් එකට මට සෙට් කරලත් තියනවා නයිට් එකක එහෙම ඉන්න. මම මල්ලිට කිව්වා මචං ඒකිට මං ආදරෙයි මට ඒකිව සෙට් කර ගන්න ඕනි කියලා..
අරූ ගත් කටට අපෝ චතුර අයියේ , උබට නොදෙන දෙයක් මගේ නැහැ නේ කියල.. අනිවා එකී මට හෙට වගේ වෙද්දී කෝල් එකක් දෙයි දුන්නම මම උබ ගැන කියලා උබට වැඩේ සෙට් කරන්නම් කියලා.. උබ ඒකිගේ ඇගට නේද ට්‍රයි කරන්නේ කියලා ලන්කියා මට පොඩි ජෝකකුත් දැන්මා.
කිව්වා වගේම පහුවදා අකිලා කෝල් කරේ ලංකිතට හිතා ගන්න බැරි උදව්වක් ඉල්ලගෙන. ඒ අකිලගේ තාත්තාට අසනීප වෙලා හදිසියේ රුපියල් 50,000ක් ඕනි වෙලා. එතකොටත් අකිලා කතරගම හොස්පිටල් එකේ හිටියේ.. ඒ වෙලාවේම අපි දෙන්න ගියේ ගෙදරට අයටත් නොකියාම.. ඒ අපි කිරින්දේ යන්න කියල ලෑස්ති වෙලා ඉද්දි.
එච්චර ගානක් අපි දෙන්නම අතේ තිබ්බේ නැහැ ඒ වෙලාවේ. දෙන්නගෙම අතේ 35,000ක් වගේ ගානක් එකතු වුණේ ඔක්කම එකතු කරත්. අපි සල්ලු දුන්නේ හොස්පිටල් එකට ගිහින්. සමහරට විට සල්ලි ගන්න බොරු කරනවා ද කියලත් අපිට පොඩි සැකයක් තිබ්බ නිසා අපි කෙළින්ම ගියේ හොස්පිටල් එකට.
සල්ලි දුන්නා හැමදේම වෙන්නේ හොදට කියලා කාලයක් යද්දී , අකිලාව සෙට් වුණේ මල්ලිට. එහෙම වුණාට මට පොඩි දුකක් තිබ්බත් ඒක මම කවදාවත් පෙන්නුවේ නැහැ.. උන් දෙන්නගේ ලව් එක කොච්චර දුර ගියාද කියනවා නම් , කෙල්ලට අවුරුදු 19 වෙද්දී බඩට මාසයයි. ලන්කියා කෙල්ලගෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ගත්තා.. පස්සේ තමයි දැන ගන්න හම්බුණේ මූ මට පෙන්නලා තියන මූන නෙවෙයි කෙල්ලට පෙන්නලා තියන්නේ කියලා..
කෙල්ලට ගොඩක් වද දීල සෙක්ස් වලදී.. පුච්චලා රහස් ප්‍රදේශ ඔක්කම. හැමතැනම පුච්චනවා ලු.. කසයක් වගේ එකක් තියාගෙන එකෙන් ගහනවා ලු.. ඒ හැමදේම අකිලා මට කිව්වේ කෝල් කරලා අඩ අඩ.. එයා මෙච්චර හරි ඉවසලා තියෙන්නේ ලන්කිතට ආදරේ නිසා කියලා..
මට ඒ වෙලාවේ පුදුම තරහක් ආවේ.. මං මල්ලිට කතා කරලා සෙට් වෙලා මේ ගැන කතා කරන්න දාගත්තේ මේකේ දෙකෙන් එකක් විසදගන්න. එතකොටත් පොරගේ ඉහමොළ රත් වෙලා තිබුණේ අකිලගේ බඩට මාසයයි කියලා.. කවදාවත් නැති රණ්ඩුවක් අපි දෙන්නගේ අතර ඇති වුණේ මෙහෙ කොහෙවත් යන කෙල්ලෙක් නිසා. එත් මම අකිලට ආදරෙයි.. ඒ වේදනාව තමයි මං හිතන්නේ මගෙන් පිට වුණේ..
මම මල්ලිට කිව්වේ ඉක්මනට අපි ගෙදරට කියලා මේ කසාදේ කරමු කියලා. එත් දෙන්නම ආයෙත් එකතු වෙන්න කිසි කැමැත්තක් තිබුණේ නැහැ.. මම කිව්වා මල්ලිට මම අකිලව බබාවත් එක්කම බාර ගන්න කැමති මම එයාව බාර ගන්නම් කියලා. පස්සේ අපි 3 දෙනාම එක දවසක් දාගෙන කතා කරා මේකට විසදුමක්. ඒ දෙන්න කොහොමත් ආයෙත් එකතු වෙන්න අදහසක් තිබුනේ නැහැ. ඒ වුණාට මට දවසට 2-3න පාරක් කෝල් කරා.. හැමදේම මගේ වාසනාවට කියලා මම හිතුවේ මෙයා මට කැමති වුණාට පස්සේ.. හැබැයි මං ළගට එන්න කළින් එයාට බබාව අයින් කරන්න ඕනි කියලා කිව්වා.. මොකද පරණ මතකයන් හැමදේකින්ම එයට ඈත් වෙන්න ඕනි කියලා තමයි එය මට කිව්වේ..
අපි බබාව අයින් කරලා ජිවිතේ අලුතින් පටන් ගත්තේ මම මල්ලි එක්කත් අමනාප වෙලා ඉද්දි. අපි දෙන්නම ගෙවල් වලට කියල හැමදේම කරලා වෙඩින් එකට මාසයක් වගේ තියෙද්දී , අකිලට ලක්ෂ 100 ක ටිකට් එකක් ඇදුනා.. අපි දැන් හොද සැපවත් ජීවිතයක් ගත කරනවා. හැබැයි තම බබාලා ගැන නම් හිතලා නැහැ..